AUDIO CD,ALBUM COLLECTION,LIVESHOW,SINGLE SONGS,NEWS,PICTURES,SOFTWARES,MOVIES,VIDEOS,CARTOONS,OTHERS-http://lkhitz.blogspot.com/
Online Degree Programs

Sunday, 29 April 2012

2011 අ.පො.ස (සා. පෙ) විභාගයේ 1335 ක්‌ ගණිතයට බින්දුවයි

2011 දෙසැම්බර් මස පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් 1335 ක්‌ ගණිතයට බින්දුව ලබා ඇත. එම විභාගයේ ඉංග්‍රීසි විෂයයට බින්දුව ලැබූ සිසුන් සංඛ්‍යාව 76 ක්‌ වන අතර සිංහල භාෂාව හා සාහිත්‍යයට ද සිසුන් 7 ක්‌ බින්දුව ලබා සිටීම විශේෂත්වයකි. සිසුන් හය දෙනෙක්‌ විද්‍යාවටද බින්දුව ලබා ඇත.

ගණිතයට ලකුණු 10 ට අඩුවෙන් ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව 54263 ක්‌ වන අතර සිසුන් 24220 ක්‌ ඉංගී්‍රසි භාෂාවට ලකුණු 10 ට අඩුවෙන් ලබා සිටිති. සිංහල භාෂාවට හා සාහිත්‍යය, දෙමළ භාෂාව හා සාහිත්‍යය යන විෂයයන් වෙනුවෙන් ලකුණු 10 ට අඩුවෙන් ලබා සිටින සිසුන් සංඛ්‍යාව පිළිවෙළින් 4529 ක්‌ හා 827 කි.

සිසුන් 269167 ක්‌ ගණිතයට ලකුණු 90 ට වැඩියෙන් ලබා ඇති අතර විද්‍යාව විෂයයට ලකුණු 90 ට වැඩියෙන් ලැබූ සංඛ්‍යාව 269797 කි. 269318 ක්‌ ඉංග්‍රීසි විෂයයටද 209932 ක්‌ සිංහල භාෂාව හා සාහිත්‍යයටද 60149 ක්‌ දෙමළ භාෂාව හා සාහිත්‍යයටද ලකුණු 90 ට වැඩියෙන් ලබා තිබේ.

මෙම සංඛ්‍යා දත්ත විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ දර්ශක අනුවය.

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes