AUDIO CD,ALBUM COLLECTION,LIVESHOW,SINGLE SONGS,NEWS,PICTURES,SOFTWARES,MOVIES,VIDEOS,CARTOONS,OTHERS-http://lkhitz.blogspot.com/
Online Degree Programs

Thursday, 14 February 2013

AJITH MUTHUKUMARANA - OBE LOKU AIYYAGE

 ඔබේ ලොකු අයියගේ-අජිත් මුතුකුමාරණ





DAMITH ASANKA -SITHA MAGE

මුළු හදින්ම මම ආදරෙයි


මුළු හදින්ම මම ආදරෙයි සදා නොවෙනස් වන ලෙසේ
මුළු සිතින්ම මම ආදරෙයි සදා නොවෙනස් වන ලෙසේ

සදා දැවෙනා ගිනි කන්දක් වගේ
ඔබේ ගත මා හැඳිනුවා

ගලා බසිනා දිය දහරක් වාගේ
ඔබේ සිත මා හැඳුණුවා

ඔබව පමණි හඳුනා ගත්තේ
ඔබව පමණි හඳුනා ගත්තේ

ඉපිද මැරෙන ආත්මයක් ගානේ
සසර සැරි සරනා තුරා

සුසුම් හෙලනා වාරයක් ගානේ
මෙලොව ජීවත් වන තුරා

ඔබව පමණි සොයලා එන්නේ
ඔබව පමණි සොයලා එන්නේ

මුලු හදින්ම මම ආදරෙයි සදා නොවෙනස් වන ලෙසේ
මුලු හිතින් මම ආදරෙයි සදා නොවෙනස් වන ලෙසේ  

Friday, 1 February 2013

2013.02.01 NEWS UPDATES

හෙල්ල ඇනුණු සිසුවියගේ සැත්කම සාර්ථකයි

හෙල්ලක් පාදයේ ඇනීමෙන් රෝහල්ගත මාතර, තලල්ල උතුර පාසලක සිසුවියගේ සැත්කම සාර්ථක වි තිබේ.

තලල්ල උතුර ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන එන්.ඒ.හර්ෂණි දිල්රුක්ෂි පසුගිය ජනවාරි 30වෙනිදා මෙම අනතුරට ලක්විය.

අනතුරින් පසු ඇය මාතර මහරෝහලට ඇතුලත් කෙරුණු අතර පසුව කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබේ.

හර්ෂණි දිල්රුක්ෂි 11වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකි.

http://www.youtube.com/watch?v=7W-lUEu-W_0&feature=player_embedded

ලෝක ක්‍රිකට් ශූරියන්ට ශ්‍රී ලංකාවෙන් අමතක නොවන පාඩමක්


වත්මන් කාන්තා ක්‍රිකට් ලෝක ශූරයින් පරදා විශිෂ්ට ජයක් වාර්තා කිරිමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද සමත් වූවාය.

ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ සිය පළමු තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද තරග එක් කඩුල්ලකින් ජය ගත්තාය.

ඉන්දියාවේ බ්‍රබෝන් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදමේ අවස්ථාව එංගලන්ත කණ්ඩායමට ලබා දුන්නාය.

ඒ අනුව චාලට් එඩ්වඩ්ස් සහ ඩැනියෙල් ව්යාට් ඉණිම ආරම්බ කළාය.

එංගලන්තයේපළමු කඩුලු 3 ලකුණු 29ක් තුළ බිඳ වැටිම විශේෂත්වයකි.

හිදර් නයිට් ලකුණු 38ක් රැස් කළාය.

ඉණිමේ වැඩිම කඩුලු ලාභියා වූ ජෙනි ගන් පන්දු 71කදී ලකුණු 52ක් ලබා ගැනිමට සමත් වූවාය.

එෂානි කෞෂල්‍යා, චාමනි ‍ සෙනෙවිරත්න හා නායිකා ශෂිකලා සිරිවර්ධන අතර කඩුලු 2බැගින් බෙදි ගියාය.

පන්දුවාර 50 අවසානයේදි එංගලන්ත කණ්ඩායම කඩුලු 8ක් දැවී රැස් කළ ලකුණු ගණන 238කි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් චමරි මෙන්ඩිස් හා යශෝධා මෙන්ඩිස් පිළිතුරු ඉණිම ආරම්භ කළාය.

චමරි අතපත්තු ලකුණු 50සීමාව පසු කළේ පන්දු 64කිනි.

ඔවුන් දෙදෙනා අතරේ පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 103කට සීමා වුණේ අතපත්තු ලකුණු 62කට දැවීයාමත් සමගිනි.

යශෝධා මෙන්ඩිස් ලකුණු 64ක් රැස් කළාය.

නායිකා ශෂිකලා සිරිවර්ධන ලකුණු 34කට දැවි ගිය අතර, ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වු එෂානි කෞෂල්‍යා පන්දු 41කින් ලකුණු 56ක් ලබා ගත්තාය.

හතරේ පහර 5ක් සහ හයේ පමර 3ක් ඇගේ ඉණිමට ඇතුලත් වූවාය.

තරගයේ අවසන් පන්දුවේදි දිලානි මනෝදරා එල්ල කළ හතරේ පහරත් සමගින් ශ්‍රී ලංකාව තරගය ජය ගැනීමට සමත් වූවාය.

තරගයේ වීරයා සම්මානය ශ්‍රී ලංකාවේ එෂානි කෞෂල්‍යා දිනා ගත්තාය.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහභාගීවන මීළඟ තරගය ලබන 3වෙනිදා බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතයි.

http://www.youtube.com/watch?v=n2zQa7CIQkE&feature=player_embedded

ඉරාජ්ට නොතීසි

ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්න මහතාට කොළඹ වාණිජ මහාධිකරණ අද අතුරු තහනමක් පිළිබඳ නොතීසි සහ සිතාසි නිකුත් කළේය.

ඒ, 1950 වසරේ, නිෂ්පාදනය කළ අයියයි මල්ලියි චිත්‍රපටයට ප්‍රවීණ ගීත රචකයෙකු වන හර්බට් එම්. සෙනෙවිරත්න මහතා විසින් රචිත මට ආලෝකය ගෙන දෙවි සංසාරේ යන ගීතයේ අයිතිය සම්බන්ධ‍යෙන් ඉදිරිපත් කළ නඩුව සලකා බැලු අවස්ථාවේදීය.

මේ අනුව වගඋත්තරකාර ඉරාජ් වීරරත්න මහතා ලබන 19 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බව විනිසුරු ගාමිණි අමරසේකර මහතා නියෝග කළේය.

හර්බට්. එම් සෙනෙවිරත්න මහතාගේ බිරිද වන ස්වර්ණා ලක්ෂ්මී සෙනෙවිරත්න, සහ පුතා වන චින්තක  මෙන්ඩිස් සෙනෙවිරත්න මෙම නඩුව ගොනු කර තිබෙනවා.

ඔවුන්ගේ පැමිණිල්ලේ සදහන් වන්නේ එම ගීතයේ, ඇතැම් පද සහ කොටස් යොදා ඉරාජ් වීරරත්න මහතා ගීයක් නිර්මාණය කර ,ප්‍රසිද්ධියට පත් කරමින් සීඩි මගින් සහ සංගීත ප්‍රසංගවල ගී ගයන බවය.

ඉන් තමන්ට අගතියක් වන බව පෙන්වා දෙන පැමිණිලිකරුවන් රුපියල් මිලියන 10 ක වන්දියක් ගෙවන්‍න යැයි එරාජ් වීරත්න මහතාට නියම කරන ලෙසත් එම ගීතය භාවිතා කිරීම තහනම් කෙරෙන නියෝගයක් පනවන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටී.


මම අස්වෙන්නේ නෑ

ධූරයෙන් ඉල්ලා අස්වීමට අදහස් නොකරන බව අග්‍රමාත්‍ය දී.මූ. ජයරත්න මහතා පවසයි.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ දී.මූ. ජයරත්න මහතා මාධ්‍යවේදීන් හමුවේ අද පෙරවරුවේ මේ බව ප්‍රකාශ කළ බවය.

විසුම්පාය අග්‍රාමාත්‍ය නිල නිවසේදී අද පෙරවරුවේ මාධ්‍යවේදීන් හමු වු දී.මූ. ජයරත්න මහතා පවසා ඇත්තේ තනතුරු, කබායක් මෙන් ඕනෑම අවස්ථාවක ඉවත් කළ හැකි දෙයක් බවය.

එහෙත් ජනතාව වෙනුවෙන් සේවය කිරීමට බැදී සිටින දේශපාලනඥයින්, ධූරයක් ලැබුණත් නැතත් හැකි පමණින් ජනතාවට සේවය කළ යුතු බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

ඔහු එහිදී අවධාරණය කර ඇත්තේ රට සංවර්ධනය කිරිමේදී ජනාධිපතිවරයා ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයකට අග්‍රාමාත්‍යවරයා වශයෙන් එකඟ වන බවය.

විශ්‍රාම යාම පිළිබදව තමන් විශ්වාස නොකරන අතර සෑම පුද්ගලයකුම කායිකව හා මානසිකව සමබරව සිටින තාක් සමාජයට සේවය කළ යුතු බව ද දී.මූ. ජයරත්න මහතා අවධාරණය කර තිබේ.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ ජනාධිපතිවරයා තමාට ඉල්ලා අස්වීමට හෝ විශ්‍රාම යාමට හෝ කිසිදු අවස්ථාවක යෝජනා නොකළ බවය.

Saturday, 26 January 2013

කැන්ගරු දේශයේදී සිංහයින්ට විශිෂ්ට ජයක්


ඕස්ට්‍රේලියාව සමඟ පැවැති පන්දුවාර 20/20 පළමු ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 5ක ජයක් වාර්තා කළේ ය.

කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට  තීරණය කළේ ය.

ඕස්ට්‍රේලියාවේ ආරම්භක පිතිකරු ඒරන් ෆින්ච් එක් ලකුණකට දැවී ගිය අතර ශෝන් මාෂ් ලකුණු 6ක් රැස් කළහ.

නායක ජෝර්ජ් බෙයිලි ලකුණු ලකුණු 11ට දවා ගැනීමට තිසර පෙරේරා සමත් විය.

නොදැවී ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් පන්දු 62කදි ලකුණු 90ක් රැස් කළේ, 4 පහර 5ක් හා 6 පහර 3ක් ද සමඟිනි.

නුවන් කුලසේකර පන්දුවාර 4 කදී  ලකුණු 21කට කඩුල්ලක් දවා ගත්තේ ය.

ඕස්ට්‍රේලියාව පන්දුවාර 20 අවසානයේදී කඩුලු 3ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව137කි.

පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ, ටී.එම්. ඩිල්ෂාන් සහ කුසල් ජනිත් පෙරේරා ය.

ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 46ක සබඳතාවයක් ගොඩ නැගීය.

ඩිල්ශාන් ලකුණු 16 කට දැවී ගිය අතර කුසල් ජනිත් පෙරේරා ලකුණු 33ක් රැස් කළහ.

දිනේෂ් චන්දිමාල් ලකුණු 5කට දැවී ගිය අතර මහේල ජයවර්ධනට රැස් කළ හැකි වූයේ ලකුණු 8ක් පමණි.

ලහිරු තිරිමාන්න පන්දු 15කදි ලකුණු 20 ක් රැස් කළේ ය.

නායක ඇන්ජලෝ මැතිව්ස් නොදැවි ලකුණු 35ක් රැස් කළ අතර තිසර පෙරේරා ලකුණු 19ක් රැස් කළහ.

පන්දුවාර 18 යි පන්දු 5කදී ශ්‍රී ලංකාව ජයග්‍රහණය වාර්තා කළේ ය.

Friday, 25 January 2013

පුංචි යසුරිට ජීවිතය දකින්න සරණක් වෙමු !


මහරගම පිළිකා රෝහලේ ලි.ප අංක 10650/12 යටතේ 15 B වාට්ටුවේ ඇදක් මත වැතිර සිටින යසුරි රශෝධ්‍යා සිරිගම්පල ලොකය දකින්නට සරණක් සොයන පුංචි දැරිවියකි.

දෛවයේ සරදමකට මේ පුංචි මල් කැකුළ දරුණු ලියුකේමියා රෝගයකට දැනටමත් ගොදුරු වී සිටී.

ගිරිඋල්ල වික්‍රමශීලා ජාතික පාසලේ ඉගෙනුම ලබන යසුරි තවමත් 09 නව හැවිරිදි වියේ පසුවන්නියකි.

පුංචි යසුරිගේ මෙම රෝගී තත්ත්වය සුව කිරීමට මෙරට වෛද්‍ය විද්‍යාව මදක් අපොහොසත්ය.

එබැවින් ඇය ඉන්දියාවේ චෙන්නායි ඇපොලෝ රෝහලේ විශේෂඥ වෛද්‍ය රේවති රාජ් මහත්මිය හමුවට යොමු කිරීමට මෙරට වෛද්‍යවරු කටයුතු සූදානම් කොට තිබේ.

එහෙත් විශාමික යුධ හමුදා සෙබළකු වන යසුරිගේ පියාට ඇගේ එකම දියණිගේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය වන ඉන්දීය රුපියල් ලක්ෂ 45ක මුදල කෙසේ හෝ සොයා ගන්නට කිසිසේත් හැකියාවක් නොවන බවට අටුවාටීකා අවශ්‍ය නොවේ.

ඉතින් පුංචි යසුරිගේ ජීවිත සටනට සහයෝගයක් වීමට දයාබර ඔබටද දායක විය හැකිය.

ඒ සඳහා දුරකථන අංක 0776512132 හෝ 0722908255 ඔස්සේ පුංචි යසුරිගේ පියා ඇමතීමෙන් මෙන්ම S.A.R.A ප්‍රීතිලාල් ගිණුම් අංක 3451450 ලංකා බැංකුවට මුදල් බැර කිරිමෙන් සහ මහජන බැංකුවේ 145-2 001-1-0001900 ගිණුමටද මුදල් බැර කළ හැකි බව යසුරිගේ පියා දන්වා සිටී.

Related Posts Plugin for WordPress, Blogger...

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes