AUDIO CD,ALBUM COLLECTION,LIVESHOW,SINGLE SONGS,NEWS,PICTURES,SOFTWARES,MOVIES,VIDEOS,CARTOONS,OTHERS-http://lkhitz.blogspot.com/
Online Degree Programs

Saturday, 26 January 2013

කැන්ගරු දේශයේදී සිංහයින්ට විශිෂ්ට ජයක්


ඕස්ට්‍රේලියාව සමඟ පැවැති පන්දුවාර 20/20 පළමු ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 5ක ජයක් වාර්තා කළේ ය.

කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට  තීරණය කළේ ය.

ඕස්ට්‍රේලියාවේ ආරම්භක පිතිකරු ඒරන් ෆින්ච් එක් ලකුණකට දැවී ගිය අතර ශෝන් මාෂ් ලකුණු 6ක් රැස් කළහ.

නායක ජෝර්ජ් බෙයිලි ලකුණු ලකුණු 11ට දවා ගැනීමට තිසර පෙරේරා සමත් විය.

නොදැවී ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් පන්දු 62කදි ලකුණු 90ක් රැස් කළේ, 4 පහර 5ක් හා 6 පහර 3ක් ද සමඟිනි.

නුවන් කුලසේකර පන්දුවාර 4 කදී  ලකුණු 21කට කඩුල්ලක් දවා ගත්තේ ය.

ඕස්ට්‍රේලියාව පන්දුවාර 20 අවසානයේදී කඩුලු 3ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව137කි.

පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ, ටී.එම්. ඩිල්ෂාන් සහ කුසල් ජනිත් පෙරේරා ය.

ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 46ක සබඳතාවයක් ගොඩ නැගීය.

ඩිල්ශාන් ලකුණු 16 කට දැවී ගිය අතර කුසල් ජනිත් පෙරේරා ලකුණු 33ක් රැස් කළහ.

දිනේෂ් චන්දිමාල් ලකුණු 5කට දැවී ගිය අතර මහේල ජයවර්ධනට රැස් කළ හැකි වූයේ ලකුණු 8ක් පමණි.

ලහිරු තිරිමාන්න පන්දු 15කදි ලකුණු 20 ක් රැස් කළේ ය.

නායක ඇන්ජලෝ මැතිව්ස් නොදැවි ලකුණු 35ක් රැස් කළ අතර තිසර පෙරේරා ලකුණු 19ක් රැස් කළහ.

පන්දුවාර 18 යි පන්දු 5කදී ශ්‍රී ලංකාව ජයග්‍රහණය වාර්තා කළේ ය.

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes